නාවික හමුදා සහයෙන් කැස්බෑ මස් තොගයක් සමග සැකකරුවෙක් මන්නාරමේදී අත් අඩංගුවට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 31 දින පොලිසිය හා එක්ව මන්නාරම, ඉරණමාතා නගර් ප්‍රදේශයේ සිදුකල සෝදිසි ‍මෙහෙයුමකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගන්නා ලදි.

ශ්‍රී ලංකාව වටා වූ මුහුදු කලාපයේ සාගර සම්පත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නිරන්තර මෙහෙයුම් දියත් කරනු ලබන නාවික හමුදාව 2020 ජනවාරි 31 වන දින මුලන්කාවිල් පොලිසිය හා එක්ව මන්නාරම, ඉරණමාතා නගර් ප්‍රදේශයේ සිදු කරන ලද තවත් එක් සෝදිසි මෙහෙයුමකදී නිවසක් තුල සගවා තිබූ කැස්බෑ මස් කිලෝ 5 ග්‍රෑම් 250 ක පමණ ප්‍රමාණයක් සමග සැක කටයුතු පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට සමත්වී ඇත. මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 29 ක් වන මුලන්කාවිල් ප්‍රදේශයේ පදිංචිකරුවකු බව වැඩිදුර විමර්ෂණ කිරීමේදී කරුණු අණාවරණය කරගෙන ඇත.

තවද, මෙලෙස නාවික අත් අඩංගුවට ගන්නා ලද කැස්බෑ මස් කිලෝ 5 ග්‍රෑම් 250 ක පමණ ප්‍රමාණය සහ සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ෂණ කටයුතු මුලන්කාවිල් පොලිසිය විසින් සිදු කරනු ලබයි.