කේරළ ගංජා ලග තබාගෙන සිටි තිදෙනෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය සමග එක්ව 2020 ජනවාරි 28 වන දින මන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් මෙරටින් තුරන් කිරීම සඳහා සිය දායකත්වය ලබාදෙන ශ්‍රී ලංකා නාවික හමුදාව අද මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය සමග එක්ව මන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 226 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. මෙම සැකකරුවන් කේරළ ගංජා අලෙවි කිරීම සඳහා සුදානම්ව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරුවන් වයස අවුරුදු 24 ත් 30 ත් අතර වියෙහි පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් තිදෙනා සහ කේරළ ගංජා ග්‍රෑම් 226 ක පමණ ප්‍රමාණය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා මන්නාරම පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.