පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් ගරු අගමැතිතුමා, ආරක්‍ෂක ලේකම්, යුද්ධ හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති වරුන් හමුවේ.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටි පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් 2020 ජනවාරි 28 වන දින ගරු අගමැතිතුමා, ආරක්‍ෂක ලේකම්, යුධ හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති හමුවීම ද්වී පාරශවීය වශයෙන් සාකාච්ඡා වල නිරත විය.

2020 ජනවාරි 25 වන දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් 2020 ජනවාරි 28 වන දින ගරු අග්‍රාමාත්‍යතුමා, ආරක්‍ෂක ලේකම්, යුධ හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති හමුවීම සිදු වූ අතර, යුධ සහ ගුවන් හමුදා මූලස්ථානයන්හීදී පකිස්තානු නාවික හමුදාධිපති විශේෂ සම්මාන මුරයන් මගින් සම්ප්‍රධානුකූලව පිළිගැනීම සිදු කරන ලදි. එසේම, මේ අවස්ථාවන්හීදී ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ ඔවුන් සාකච්ඡා කරන ලද අතර එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවන් ද සිදු කරන ලදි.