හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව අද (2020 ජනවාරි 28) මැදවච්චිය, ඉකිරිගොල්ලෑව, සාලම්බුපුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 150 ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා නාවික හමුදාව ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමක් අනුරාධපුර, පොලිස් දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව මැදවච්චිය, ඉකිරිගොල්ලෑව, සාලම්බුපුර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු පුද්ගලයෙකු නිරික්‍ෂණය කර ඔහු පරික්‍ෂාවට ලක් කර ඇති අතර, එහිදී ඔහු සතුව තිබී මෙම හෙරොයින් හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 150 ක පමණ ප්‍රමාණය සොයා ගැනීමට සමත්ව ඇත. මෙහිදි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරු ඉකිරිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක් වන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත.

එම සැකකරු සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මැදවච්චිය, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.