මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව් දෙනෙක් (04) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

2020 ජනවාරි 23 වන දින නාවික හමුදාව සහ පොලිසිය එක්ව වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 450 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් සිව් දෙනෙක් (04) අත්අඩංගුවට ගන්නා ලදි.

වැලිසර නාවික හමුදා කඳවුර සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජනවාරි මස 23 වන දින වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී මාර්ගයේ ගමන්ගත් සැකකටයුතු පුද්ගලයින් සිව් දෙනෙක් (04) නිරීක්‍ෂණය කර, එහිදී අදාල සැකකරුවන් වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී සූක්‍ෂම ලෙස ඔවුන් සන්තකයේ සගවා රැගෙන යමින් සිටි කේරළ ගංජා කිලොග්‍රෑම් 1 ග්‍රෑම් 450 ක ප්‍රමාණයක් සොයා ගන්නා ලදි. ඒ අනුව අදාල සැකකරුවන් සිව්දෙනා (04) සහ කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගන්නා ලද අතර, සැකකරුවන් වයස අවුරුදු 18, 20, 22 සහ 35 වන වයස්වල පසුවන කොලොන්නාව සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට වැඩිදුරටත් තහවුරුවී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සිව්දෙනා (04) සහ කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 450 ක ප්‍රමාණය පිළිබද වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි. තවද, මේ ආකරයට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සාගරය හරහා රට තුළට රැගෙන ඒමට උත්සහ දරණ නීති විරෝධී මත් ද්‍රව්‍ය සහ රට අභ්‍යන්තරයේ සිදු වන නීති විරෝධී මත් ද්‍රව්‍ය ජාවාරම් රැසක් එම ජාවාරම්හි නිරත වන ජාවාරම්කරුවන්ද සමග නීතියේ රැහැනට හසුකර දීමට සමත් වී ඇත.