කොරල්පර වගා කිරීම හා සංරක්ෂණය පිළිබද වැඩසටහනක් සඳහා සරසවි සිසුන් හට නාවික හමුදා සහය.

රුහුණු සරසවියේ සිසුන් පිරිසක් කොරල්පර වගා කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරිමේ අරමුණින් මූලික පුහුණු වැඩසටහනක් 2020 ජනවාරි මස 18 වන දින නාවික හමුදාව සමග එක්ව සිදු කරන ලදි.

ඒ අනුව රුහුණු සරසවි සිසුන් තිස්තුන්දෙනකු ගෙන් (33) යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව ගාල්ල රූමස්සල වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් විනාශ වෙමින් පවතින කොරල්පර ආරක්ෂා කර ගැනීමට සහ නැවත කොරල්පර වගාකර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීම සදහා මුළික දැනුම ලබාගැනිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන ලදි.

දකුණු නාවික ප්‍රදේශ භාර ආඥාපතිගේ උපදෙස් පරිදි දකුණු නාවික විධාන කිමිදුම් අංශයේ නිලධාරින් සහ නාවිකයන් විසින් මෙම පුහුණු වැඩසටහන සාර්ථකව පැවැත් වු අතර, වැඩසටහන අවසානයේ එයට සහභාගීවු රුහුණු සරසවියේ සිසුන් පිරිස නාවික හමුදාව වෙත සිය ප්‍රශංසාව ප්‍රකාශ කරන ලදි.