ත්‍රිකුණාමලය වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සීමා කළ ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

ත්‍රිකුණාමලය වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදීම සීමා කර ඇති ප්‍රදේශයකදී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ ඔවුන්ට අයත් ධීවර ආම්පන්න 2020 ජනවාරි 21 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

වැඩි දුර විමර්ශන වලදී මෙම පුද්ගලයින් අවුරුදු 23 සහ 48 වයස්වල පසුවන ත්‍රිකුණාමලය, සල්ලි, සාම්බල්තිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින් දෙදෙනා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හරහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.