එරාවුර් කළපුවෙන් නීති විරෝධී ධීවර දැල් දෙකක් (02) සොයා ගැනීමට නාවික හමුදාව සමත් වේ.

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 20 වන දින එරාවූර් කළපුවේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුර නීති විරෝධි ලෙස යොදා ගනු ලැබූ තහනම් ධීවර දැල් දෙකක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

තහනම් ධීවර දැල් යොදා ගනිමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සාගර පරිසරයට සිදුවන හානිය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. ඒ අනුව මඩකළපුව එරාවූර් කළපුව හා අවට සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුරදී මසුන් ඇල්ලීම සඳහා යොදා තිබූ මෙම නීති විරෝධී ධීවර දැල් දෙක (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

තවද නාවික හමුදා භාරයට ගන්නා ලද එම තහනම් ධීවර දැල් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මඩකලපුව සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත වෙත භාර දීමට කටයුතු කරන ලදි.