නාවික හමුදා සහයෙන් කෙරළ ගංජා සමග පුද්ගලයෙකු අත් අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 20 වන දින චාවකච්චේරිය, නාවට්කුලිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගෙන ඇත.

මතින් තොර රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවර සඳහා සක්‍රීය දායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා නාවික හමුදාව අද පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව චාවකච්චේරිය, නාවට්කුලිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නිවසක් අසල සිටි සැක සහිත පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර එම පුද්ගලයාගෙන් ප්‍රශ්ණ කිරීම් සිදු කිරීමේදී සූක්‍ෂම ලෙස එම නිවසේ සගවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 55 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවී ඇත. එහිදී මෙම සැකකරු, සොයා ගන්නා ලද කේරළ ගංජා අලෙවි කිරීම සඳහා සුදානම්කර තිබියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 27 ක් වන යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ කේරළ ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා යාපනය, චාවකච්චේරිය පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.