ලී මෝලක් තුල ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

රාගම, හීන්කෙන්ද මාර්ගයේ පිහිටි ලී මෝලක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා අද (2020 ජනවාරි 21) නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

අද (2020 ජනවාරි 21) රාගම, හීන්කෙන්ද මාර්ගයේ පිහිටි ලී මොලක් තුල හදිසි ගින්නක් හට ගෙන ඇති බව නාවික හමුදාව වෙත ලද තොරතුරකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම ස්ථානය වෙත කඩිනමින් ගිනි නිවීමේ කණ්ඩායමක් යැවීමට කටයුකු කරන ලදී. ඒ සඳහා නාවික හමුදා ගිනි නිවිමේ ඒකකය මගින් ගිනි නිවීමේ රථ සහ ජල බවුසර ඇතුළුව නාවික පුද්ගලයින් පිරිසක් අනුයුක්ත කර ගින්න නිවා දැමීම‍ට කටයුතු කරන ලදී.

තවද, රට තුල ඇතිවන ඕනෑම හදිසි තත්වයකදී පෙරමුණ ගෙන කටයුතු කරන ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉදිරියේදී ද මහජනතාව හට සිදුවන ඕනෑම ව්‍යසනයකදී උපකාර කිරීමට සුදානමින් සිටි.