ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘අයිරාවත්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘අයිරාවත්’ නෞකාව අද (2020 ජනවාරි 20) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

තවද, තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි මෙම නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් සුනිල් ශංකර් (Sunil Sankar) ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය. එහිදී එම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

එසේම දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී වැඩසටහන් කිහිපයක් සඳහා නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇති අතර, එළඹෙන ජනවාරි 22 වන දින නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.