නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ ‍මෙහෙයුමකින් හෙරෝයින් සමඟ පුද්ගලයෙක් (01) අත් අඩංගුවට,

2020 ජනවාරි 21 වන දින නාවික හමුදාව ‍සහ මන්නාරම, දිසා දූෂණමර්දන ඒකකය එක්ව තලෙයිමන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කල ඒකාබද්ධ මෙහෙයුමකදී හෙරෝයින් සමඟ පුද්ගලයෙක් (01) අත් අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික කර්තව්‍යයට උරදෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරටට රැගෙන ඒමට උත්සහ කළ මත්ද්‍රව්‍ය මෙන්ම රට අභ්‍යන්තරය තුළ හුවමාරු වන මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම එවැනි තවත් වැටලීමක් නාවික හමුදාව සහ මන්නාරම, දිසා දූෂණමර්දන ඒකකය එක්ව තලෙයිමන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ ක්‍රියාත්මක කරමින් සිටින අතරතුරදී සැක කටයුතු පුද්ගලයෙක් නිරීක්‍ෂණය කර ඇත. එහිදී එම සැකුරු වැඩිදුරටත් පරීකෂා කිරීමේදී අලෙවි කිරීම සඳහා සූදානම් කර සූක්‍ෂම ලෙස සගවාගෙන සිටි හෙරෝයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 220 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත. එහිදී එම සැකකරු සමග හෙරෝයින් ප්‍රමාණය අත් අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරු ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට වැඩිදුරටත් තහවුරු කරගෙන ඇත.

එසේම මෙම සැකකරු වයස අවුරුදු 33 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව අනාවරණය කරගෙන ඇති අතර, අත් අඩංගුවට ගත් එම සැකකරු සහ හෙරෝයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කල අතර, ඉදිරියේදී ද මෙවැනි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.