නාවික හමුදාව කාත්තන්කුඩි කළපු ප්‍රදේශයෙන් තහනම් දැල් 08 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (2020 ජනවාරි 07) කාත්තන්කුඩි කළපු ප්‍රදේශයෙදී තහනම් දැල් 08 සොයා ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකාව වටා වූ සාගර කලාපයේ මත්ස්‍ය සම්පත සහ සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාත්මක කරනු ලැබූ මෙහෙයුමක් අද කාත්තන්කුඩි කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන ලද අතර, එහිදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා මෙම තහනම් දැල් කිහිපය සොයා ගැනීමට සමත්ව ඇත.

අදාල තහනම් දැල් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතය.