වේදනා නාශක ඖෂධ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 05 වන දින මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී වේදනා නාශක ඖෂධ තොගයත් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත.

මෙරට නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වැටලීමක් පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ සිදු කරන ලදී. එහිදී සැක කටයුතු නිවසක් පරීක්‍ෂා කිරීමේදී නිවස තුල සඟවා තිබූ වේදනා නාශක ඖෂධ පෙති 2900 ක් සොයා ගැනීමට සමත් වූ අතර, එහිදී නිවසේ සිටි සැකකරුවන් දෙදෙනෙකු (02) ද අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

එම සැකකරුවන් වයස අවුරුදු 39 ක් සහ 52 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, එම සැකකරුවන් සහ වේදනා නාශක ඖෂධ තොගය සම්බන්ද ඉදිරි විමර්ශන කටාන, පොලිසිය විසින් සිදුකරනු ලබයි.