අන්තර් ක්‍රීඩා සමාජ එෆ්. ඒ. කුසලාන පාපන්දු තරඟාවලියේ නාවික හමුදාවට තියුණු ජයක්

අන්තර් ක්‍රීඩා සමාජ එෆ්. ඒ. කුසලාන පාපන්දු තරඟාවලියේ නාවික හමුදා සහ යාපනය, සිගින් ෆිෂ් කණ්ඩායම අතර තරඟයක් 2020 ජනවාරි 04 වන දින කැලණිය, එක්සත් පාපන්දු ක්‍රීඩා පිටියේදී පැවැති අතර, එහිදී සිගින් ෆිෂ් කණ්ඩායම පරාජය කරමින් ගෝල 1 ට 0 ක් ලෙස නාවික හමුදා කණ්ඩායම තියුණු ජයක් හිමිකර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන මෙම එෆ්. ඒ. කුසලාන පාපන්දු තරඟාවලියේ පළමු තරඟයට මුහුණ දුන් ශ්‍රී ලංකා නාවික හමුදා පාපන්දු කණ්ඩායම මෙලෙස ජය හිමිකර ගත් අතර, මෙම තරඟය නැරඹීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පාපන්දු සංචිතයේ සභාපති, කොමදෝරු හසිත ගමගේ ඇතුළු ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

එමෙන්ම, මෙම තරඟයේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය නාවික හමුදා පාපන්දු කණ්ඩායම නියෝජනය කල බල නැවි අයිඑච්පී කාවින්ද යන ක්‍රීඩකයා හිමිකර ගැනීමට සමත්වන ලදී.