ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ නාවික හමුදාවට ජයක්

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ නාවික හමුදා සහ ගුවන් හමුදා පිල අතර තරඟයක් 2020 ජනවාරි 03 වන දින වැලිසර නාවික හමුදා රග්බි ක්‍රීඩා පිටියේදී පැවැති අතර, එහිදී ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 24 - 14 ක් වශයෙන් නාවික හමුදා කණ්ඩායම සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.

මෙම තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී වූ අතර, නාවික හා ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් ඇතුළු ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් තරඟය නැරඹීම සඳහා සහභාගී වී සිටියහ. එමෙන්ම, මෙම තරඟයේ වීරයා ලෙස නාවික හමුදා රග්බි කණ්ඩායමේ සාමාන්‍ය නැවි එම්සීජේ සිල්වා යන ක්‍රීඩකයා සම්මාන හිමිකර ගැනීමට සමත්වන ලදී.