වැලි කැණිම් කටයුතු තහනම් කල ප්‍රදේශයක වැලි පටවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට

නාවික හමුදාව හා පොලීසිය එක්ව හම්බන්තොට, කටුවැව ආරුව ප්‍රදේශයේ 2019 දෙසැම්බර් 31 වන දින සිදු කළ වැටලිමකදී වැලි කැණිම් කටයුතු තහනම් කල ප්‍රදේශයක වැලි පටවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත.

පරිසර පද්ධතිය සුරැකීම වෙනුවෙන් දායකත්වය සපයන ශ්‍රී ලංකා නාවික හමුදාව වැලි කැණිම් කටයුතු සඳහා අවසර ලබාදී නොමැති ස්ථානවල වැලි කැණිම් කටයුතු සිදු කරනු ලබන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද වැටලීමක් නාවික හමුදාව, පොලීසිය හා එක්ව හම්බන්තොට, කටුවැව ආරුව ප්‍රදේශයේ සිදු කරන ලදී.

හම්බන්තොට, කටුවැව ආරුව ප්‍රදේශයේ වැලි කැණිම් කටයුතු සිදු නොකරන ලෙස දැනුම්දී ඇති නමුත් මෙම පුද්ගලයින් විසින් නීති විරෝධී අයුරින් මෙම ප්‍රදේශයේ වැලි කැණිම් කටයුතු සිදු කර ඇත. ඒ අනුව මෙම පුද්ගලයින් දෙදෙනා (02) අත් අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ලොරි රථයක්, වැලි කියූබ් ½ ක් සහ වැලි පැටවිමට යොදා ගන්නා සවලක් ද සොයා ගෙන ඇත.

අත් අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 43 ක් සහ 48 ක් වන සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, ලොරි රථය, වැලි තොගය සහ අනෙකුත් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.