කැස්බෑවෙකු බේරා ගැනිමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 25) උදෑසන කන්කසන්තුරය තල් සෙවන වෙරළ තීරයේ සිටි කැස්බෑවෙකු බේරා ගැනීමට සමත් වී ඇත.

ඒ අනුව නාවික හමුදාව විසින් සැඩ රළ පහර‍ට හසුවී තල් සෙවණ මුහුදු තීරයේ ගල්පර අතර තුවාල ලබා සිරවී සිටි හොඳින් වැඩුනු කැස්බෑවෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත් වී ඇත. මෙලෙස බේරා ගන්නා ලද කැස්බෑවා ගොඩබිමට රැගෙනවිත් කඩිනම් ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය,වනජිවී දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලදි.

තවද, වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 05 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකිය. මෙම වඳවී යන සත්ව විශේෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ කැස්බෑ සංරක්‍ෂණය සඳහා ද නාවික පුද්ගලයින් සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.