තහනම් දැල් භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් හත් දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 24 වන දින ත්‍රිකුණාමලය, නිලාවේලි මුහුදු තීරයේ තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, නිලාවේලි මුහුදු තීරය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් හත් දෙනෙකු (07) නාවික හමුදා බාරයට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී සොයා ගන්නා ලද තහනම් දැලක්, ඩිංගි යාත්‍රාවක් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දෙන ලදී.

මෙම වසර පුරාම නීති විරෝධී දැල් භාවිතා කරමින් නැගෙනහිර මුහුදු තීරයේ මසුන් ඇල්ලීමට කටයුතු කරනු ලැබු පුද්ගලයින් නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කර ඇති අතර, එමගින් සාගර පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය ආරක්ෂා කර අනාගත පරපුරට මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්‍ෂිත කර දීමට නාවික හමුදාව අපේක්ෂා කෙරේ.