ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං ගේ ශ්‍රීලංකා සංචාරය සාර්ථකව නිමාවට පත්විය.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටි ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං ශ්‍රී ලංකානු සංචාරය සාර්ථකව නිමාවට පත් කරමින් 2019 දෙසැම්බර් 22 වන දින පස්වරුවේ දවයිනෙන් පිටත්ව යන ලදි.

ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං ශ්‍රී ලංකා සංචාරය අතර තුරදී , ගරු අග්‍රාමාත්‍යතුමා, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාධිපති, යුද්ධ හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති හමු විය.

එමෙන්ම ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං විසින් දකුණු නාවික විධානයේ සිදුකල සංචාරයේදී දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප ගෝඨාභය පෝල් විසින් ඉන්දියානු නාවික හමුදාධිපති ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර දකුණු නාවික විධාන ශ්‍රවනාගාරයේදී සුහද සාකච්ඡාවකින් පසුව දකුණු නාවික විධාන භාර ආඥාපති සහ ඉන්දියානු නාවික හමුදාධිපති, අතර එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිනි.

තවද, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවැත්වු මධ්‍ය නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන අරාධිත අමුත්තා වශයෙන් ද සහභාගී වීමෙන් අනතුරුව දෙසැම්බර් 22 වන දින පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන්ගේ කුටියේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් සිල්වා හමු වී සමුදීමෙන් පසු දිවයිනෙන් පිටත්ව යන ලදී.