69 වන නාවික දිනයට සමගාමීව නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී.
2019 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී 2019 නොවැම්බර් 27 සහ 28 යන දෙදින තුළ පැවැත්වේ.
28 Nov 2019
Exercise “Blue Whale -2019 ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය වයඹ නාවික විධානයේදී
නාවික හමුදා මැරීන් බලකාය විසින් සංවිධානය කල Exercise “Blue Whale -2019 ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය 2019 නොවැම්බර් මස 27 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් වයඹ නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් විය.
28 Nov 2019
අඹේවෙල කන්දේඇල ජලාශයේ සිදුරු වු සොරොව්ව පිළිසකර කිරීමට නාවික හමුදා සහාය.
නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 27 වන දින අඹේවෙල කන්දේඇල ජලාශයේ සිදුරු වු සොරොව්ව නැවත පිළිසකර කිරිම සඳහා නාවික හමුදා සහාය විය.
28 Nov 2019
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ අධිවේගී මාර්ග පිවිසුමේදී නීතිවිරෝධී ලෙස යකඩ ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා බාරයට.
නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් මස 27 වන දින හම්බන්තොට ජාත්‍යන්තර වරායේ අධිවේගී මාර්ග පිවිසුම් පරිශ්‍රය තුළ යකඩ ප්‍රවාහනය කරමින් සිටි සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
28 Nov 2019
කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 27 වන දින කච්චතිව් දූපතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයක් අතරතුරදී කිලෝග්‍රෑම් 96.390 ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා බාරයට ගෙන ඇත.
28 Nov 2019