නාගදීපයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවේ ගමන් කරනු ලබන රණක්‍ෂිත යුද්ධ සහ නාවික හමුදා රණවිරුවන් හට නාවික හමුදාවේ සහාය

නාගදීපයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවේ ගමන් කරනු ලබන රණක්‍ෂිත යුද්ධ සහ නාවික හමුදා රණවිරුවන් ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාර පරිශ්‍රයෙන් අද (2019 නොවැම්බර් 22) සිය පාද යාත්‍රාව ආරම්භ කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.

22 Nov 2019

‘කලම්බු සුපර් ක්‍රොස් - 2019’ දෙසැම්බර් 01 වන දා වැලිසර නාවික හමුදා ධාවන පථයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව තෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘කලම්බු සුපර් ක්‍රොස් - 2019’ තරඟාවලිය දෙසැම්බර් මස 01 වන දින වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත්විමට නියමිතව ඇත.

22 Nov 2019

නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (නොවැම්බර් 22) අළුයම මන්නාරම, වංකාලේ වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.

22 Nov 2019

නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2019 නොවැම්බර් 21 වන දින නව පත්විම ලද ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා එම අමාත්‍යංශ කාර්යාලයේ දී හමුවීය.

22 Nov 2019

06 වන ආසියා - පැසිෆික් නාවික සම්මන්ත්‍රණය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රීලංකා නාවික හමුදාව සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව එක්ව හය වන වරටත් සංවිධානය කරනු ලැබූ ආසියා - පැසිෆික් නාවික සම්මන්ත්‍රණය 2019 නොවැම්බර් 21 වන දින කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. මෙම සම්මන්ත්‍රණය සඳහා බංගලාදේශය, කාම්බෝජය, චීනය, ෆිජී, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, මාලදිවයින, මියන්මාරය, නවසීලන්තය, පිලිපීනය, කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, නැගෙනහිර ටිමෝරය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා නිලධාරින් 26 දෙනෙකු සහභාගී විය.

22 Nov 2019

නාවික පවුල්වල විශ්ව විද්‍යාල වරම් ලද දූදරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

2018 වසරේ දෙසැම්බර් මස පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනීසිට ඉතා විශිෂ්ඨ ලෙස සමත්ව විශ්ව විද්‍යාල වරම් ලද නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් වෙත ප්‍රථම වරට ශිෂ්‍යත්ව ඇගයීම් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් 2019 නොවැම්බර් මස 20 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණි.

22 Nov 2019