සාර්ථක සංචාරයකින් අනතුරුව රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2019 නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (2019 නොවැම්බර් 21) වන දින හම්බන්තොට වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.

21 Nov 2019

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 20 වන දින මොල්ලිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

21 Nov 2019

නාවික හමුදාව තහනම් දැල් තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව, ධීවර පරික්‍ෂක කාර්යාලය සහ පොලිසිය එක්ව 2019 නොවැම්බර් 20 වන දින යාපනය, මඩිත්තවේලි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී තහනම් දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

21 Nov 2019

නීති විරෝධී ‍ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 19 වන දින වාකරේ, සල්ලතිව් වෙරළ තීරයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට උත්සාහ කල පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

21 Nov 2019