රුසියානු නාවික හමුදාවට අයත් පෙරේකොප් නෞකාවේ අණදෙන නිලධාරී දකුණු නාවික විධානය භාර ආඥාපති හමුවෙයි

2019 නොවැම්බර් 19 වන දින සුහද සංචාරයක් සඳහා හම්බන්තොට වරායට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන ‘පෙරේකොප්’ නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් රෝමන් පැකොමෝව් ඇතුළු නියෝජිත පිරිස අද (2019 නොවැම්බර් 20) දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වීය.

ඒ අනුව, අණදෙන නිලධාරී ඇතුළු නියෝජිත පිරිස දකුණු නාවික විධානය වෙත ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, එහිදී ඔවුන් දකුණු නාවික විධාන මූලස්ථානයේදී දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් හමු විය. එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ජා කල අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා සහ කපිතාන් මෙහෙයුම් දෙපාර්තමේන්තුවට (දකුණ) අනුයුක්ත නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.