නාවික හමුදාව පොල් පැල සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

නාවික හමුදාව විසින් වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘භරණ’ ආයතන පරිශ්‍රය තුල පොල් පැල 150 ක් සිටුවීමේ වැඩසටහනක් 2019 නොවැම්බර් 18 වන දින කටයුතු කරන ලදී.

වව්නියාව, පොල් වගා කිරීමේ මණ්ඩල‍‍ය විසින් නාවික හමුදාව වෙත මෙම පොල් පැල ලබා දෙන ලද අතර, මෙම පැල සිටුවීමේ අවස්ථාව සඳහා වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා සහ විධානයට අනුයුක්ත දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගීවී සිටියහ. තවද, පරිසර හිතකාමි ව්‍යාපෘති යටතේ රුක් රෝපණ වැඩසටහන් රැසක් දිවයින පුරා පිහිටි නාවික කඳවුරු පරිශ්‍රයන් තුළ මේවන විට ක්‍රියාත්මක කර ඇත.