රියර් අද්මිරාල් කපිල සමරවීර නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නිල වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් කපිල සමරවීර අද ( නොවැම්බර් 08) උදැසන නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නිල වශයෙන් වැඩ ආරම්භ කරන ලදී.

ඒ අනුව, එම තනතුර සඳහා වූ රාජකාරීන් ඇතුලත් ලේඛනය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ඔහු වෙත භාර දෙන ලදී. තවද නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරට අමතරව ඔහු ආඥාපති උතුරු නාවික පෙදෙස වශයෙන්ද රාජකරි ඉටු කරනු ඇත.