ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දසදෙනෙකු (10) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දසදෙනෙකු (10) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 02 ක් අද (2019 නොවැම්බර් 02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

උතුරු නාවික විධානය මඟින් ඩෙල්ෆ් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදී මොවුන් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. ඒ අනුව, නාවික හමුදා බාරයට ගත් ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙතත්, ධීවරයින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ ආයතනය වෙතත් රැගෙන ඒමට කටයුතු කරන ලදී.

එහිදී එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය.