සැක කටයුතු පුද්ගලයෙකු මන්නාරම, පේසාලේ ප්‍රදේශයේදී නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 28 වන දින මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කර ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී පේසාලේ ප්‍රදේශයේ සැක කටයුතු ලෙස මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර ඔහු පරික්‍ෂාවට ලක් කර ඇත. එහිදී මෙම පුද්ගලයාගේ ජංගම දුරකථනයේ තිබි එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් ඇතුලත් විඩියෝ කිහිපයක් සොයා ගෙන ඇති අතර, ඒවා දුරකථනය භාවිතා කර සමාජ ජාල හරහා හුවමාරු කරමින් සිටියදී මෙම සැකකරු නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් සැකකරු වයස අවුරුදු 20 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ ජංගම දුරකථනය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පේසාලේ පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.