කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින කඳාන ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, බටහිර නාවික විධානය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කඳාන ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැක කටයුතු ත්‍රී රෝද රථයක් නිරීක්ෂණය කර ඇති අතර, එය වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයන් ලඟ තිබී මෙම කේරළ ගංජා ප්‍රමාණය සොයාගෙන ඇත.

එම සැකකරුවන් දෙදෙනා, ත්‍රී රෝද රථය සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කඳාන, පොලීසිය වෙත බාරදෙන ලදි.