දකුණු නාවික විධානයට අයත් පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

නවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 29) ගාල්ල, දොඩන්ගොඩ පාලම සහ වක්වැල්ල පාලම යට ප්‍රදේශයන් ජලය බැස යාමට නොහැකි වන සේ අවහිර වී පැවති ශාක කොටස් ඉන් ඉවත් කර ජලය බැසයාම විධිමත් කිරීමට කටයුතු කරන ලදී.

29 Sep 2019

යාපනය, අලියාවලයි ප්‍රදේශයෙන් පතොරම් කිහිපයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් යාපනය, අලියාවලයි ප්‍රදේශයේ අද (සැප්තැම්බර් 29) සිදු කළ සෝදිසි මෙහෙයුමකදි පතොරම් කිහිපයක් සොයා ගෙන ඇත.

29 Sep 2019

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ වයඹ නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් අද (2019 සැප්තැම්බර් 29) ක්‍රියාත්මක කරන ලදි.

29 Sep 2019

නාවික හමුදා ‘නීල හරිත පාරාදීසය’ කේන්ද්‍ර කර ගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

‘නීල හරිත පාරාදීසය’ නමින් හැදින්වෙන ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2019 සැප්තැම්බර් 28 වන දින නාවික හමුදාව විසින් පවත්වන ලදී.

29 Sep 2019

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින තුනුක්කායි, ඉල්ලුප්පායිකඩවායි ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

29 Sep 2019

කිමිදුම් වෘත්තියේ නියැලෙන කිමිදුම්කරුවන් සඳහා තාක්‍ෂණික සහ කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපදේශන වැඩමුළුක් ත්‍රිකුණාමලයේදී

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කිමිදුම් වෘත්තියේ නියැලෙන කිමිදුම්කරුවන් සඳහා තාක්‍ෂණික සහ කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපදේශන වැඩමුළුක් 2019 සැප්තැම්බර් මස 29 වන දින ත්‍රීකුණාමලය, එරක්කණ්ඩි, අල් හමීර් මුස්ලිම් විද්‍යාලයේදී පවත්වන ලදී.

29 Sep 2019

නීල හරිත සංග්‍රාමයේ තවත් මෙහෙවරක් උතුරු නාවික විධානයේ ක්‍රියාත්මක කරයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමයේ තවත් එක් පියවරක් තබමින් උතුරු නාවික විධානය 2019 සැප්තැම්බර් 28 වන දින කඩොලාන පැල සිටුවිම සහ වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් පවත්වන ලදි.

29 Sep 2019

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 28 වන දින නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයන් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

29 Sep 2019

ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද නාවික හමුදා අතර පැවති වෛද්‍ය දැනුම හුවමාරු වැඩසටහන ත්‍රිකුණාමලයේදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, එක්සත් ජනපද මැරීන් බලකාය හා එක්ව ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ මැරීන් පාසල් පරිශ්‍රයේදී ආරම්භ කරන ලද ද්විපාර්ශවික වෛද්‍ය දැනුම හුවමාරු වැඩසටහන 2019 සැප්තැම්බර් 27 දින සාර්ථක ලෙස නිමාවට පත් විය.

29 Sep 2019

නීති වි‍රෝධී ලෙස මෙරටට සංක්‍රමණයවිමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 28 වන දින මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණයවීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

29 Sep 2019