ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු කපිතාන් අනිල් බෝවත්ත විසින් සේවාමුක්ත බලකාය වෙත නිවසක් පරිත්‍යාග කෙරේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු කපිතාන් අනිල් බෝවත්ත හට අයත් මහනුවර කටුගස්තොට පිහිටි නිවසක් නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් වැඩිහිටි නිවාසයක් ලෙස අළුත්වැඩියා කර නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සුරතින් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද අද (අගෝස්තු 31) විවෘත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සේවා මුක්ත බලකාය වෙත පරිත්‍යාග කරන ලදි.

31 Aug 2019

අතහැර දැමු පුද්ගල නාශක බෝම්බ දෙකක් යාපනය, කරෙයිනගර් ප්‍රදේශයෙන් නාවික හමුදාව සොයාගැනේ

නාවික හමුදාව විසින් යාපනය, කරෙයිනගර් ප්‍රදේශයේ වෙල්යායක තිබි අතහැර දමන ලද පුද්ගල නාශක බෝම්බ දෙකක් 2019 අගෝස්තු 30 සිදුකල සෝදිසි කිරිමකදි සොයා ගන්නා ලදි.

31 Aug 2019

නාවික හමුදාධිපතිතුමා අලුතින් ඉදිවන ශ්‍රීලංකා නාවික නෞකා උත්තර ආයතනයේ නව ජැටිය නිරික්ෂණය කිරිමේ චාරිකා වාරයක නිරත විය

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා උතුරු නාවික විධානයේ චාරිකාවාරයක නිරත වෙමින් ශ්‍රීලංකා නාවික නෞකා උත්තර ආයතනයේ නෞකා සහ යාත්‍රා නවතා තැබිමට හැකිවන පරිදි අළුතින් ඉදිකරනු ලබන ජැටිය නිරික්ෂණය කිරිමේ චාරිකාවාරයක නිරත විය.

31 Aug 2019

තවත් ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ

යාපනය, පුන්කුඩිතිවු ප්‍රදේශයේ කන්නාහි අම්මාන් කෝවිල් පරිශ්‍රයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද, ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් 2019 අගෝස්තු 30 වන දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරිණි.‍

31 Aug 2019