නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 574.5 සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 23 වන දින මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරීම් වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයන් වලට අයත් නාඩුකුඩා, සව්ත්බාර්, ඕලුතුඩායි හා ඕල්ඩ් පියර් වෙරළ තීරයන් ආශ්‍රීතව සිදු කරන ලද සෝදිසි කිරීම් වලදි වෙරළට ගොඩගසා තිබූ බිඩී ‍කොළ කිලෝග්‍රෑම් 574.5 ක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, ඒවා පාර්සල් 10 ක අසුරා තිබියදි මෙලෙස සොයා ගැනීමට සමත්ව ඇත. සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දෙන ලදි.

නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් හට සිය ජාවාරම් කටයුතු සිදු කරගෙන යාමට නොහැකිවී ඇත. තවද, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.