පී 625 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නමින් අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 625 නෞකාව අද (අගෝස්තු 22) කොළඹ වරාය පරිශ්‍රයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නමින් අධිකාරියට පත් කෙරිණි.

22 Aug 2019

කොළඹ නගරයේ වාහන තදබදයට පිළියම් ලෙස ආරම්භ කළ ජල මාර්ග ආශ්‍රීත මගී ප්‍රවාහන බෝට්ටු සේවය සඳහා නාවික හමුදා දායකත්වය

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් ‍කොළඹ නගරයේ වාහන තදබදයට පිළියම් ලෙස ආරම්භ කරන ලද මගී ප්‍රවාහන බෝට්ටු සේවය සඳහා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද මගී බෝට්ටුවක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිළ වශයෙන් ප්‍රධානය කිරිම අද (අගෝස්තු 22) දින කොළඹ කොටුව ලේක් හවුස් ආයතනය ඉදිරිපිට මැකලම් ගේට්ටුව ආසන්යේ ඉදිකර ඇති බෝට්ටු නැවතුම් අංගනයේ දී සිදු විය.

22 Aug 2019

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 1.460 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව සහ මුලතිව්,පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (අගෝස්තු 22) අළුයම මුලතිව්,උප්පුකුලම් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.460 ක් සොයා ගෙන ඇත.

22 Aug 2019

තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් පහලොස් දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 22) අළුයම ත්‍රිකුණාමලය, වලල්තෝට්ටම් ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් පහලොස් දෙනෙකු (15) නාවික හමුදා බාරයට ගෙන ඇත.

22 Aug 2019

බංග්ලාදේශය සහ මාලදිවයින නාවික හමුදා නිලධාරින් සඳහා නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය මත බංග්ලාදේශ,මාලදිවයින සහ ශ්‍රීලංකා වෙරළාරක්ෂක නිලධාරින් සඳහා නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) පාඨමාලාවක් 2019 අගෝස්තු 19 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.

22 Aug 2019