ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් ට්‍රැවිස් ආර් කොක්ස් මහතා අද (අගෝස්තු 19) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. එම අවස්ථාව සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ලුතිනන් කොමාණ්ඩර් බ්‍රයන් එස් පේජ් ද සහභාගි විය.

එහිදී, ඔවුන් ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද කතාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.