ශ්‍රීලංනානෞ රණධීර නෞකාව සිය අභිමානවත් 23 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණධීර’ නෞකාව 2019 ජුනි 22 වන දින සිය අභිමානවත් 23 වන සංවත්සරය සමරන ලදී.

රණධීර නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් (මාලිමා) ක්‍රිෂාන්ත විට්ටච්චි නිලධාරියාගේ ප්‍රධානත්වයෙන් නෞකා දිනය වෙනුවෙන් විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබූණි. ඒ අනුව අද උදෑසන නාවික සම්ප්‍රදායානුකූලව අණදෙන නිලධාරීන් ගේ අංශ පිරික්සුමක් පැවැති අතර, එහිදී අණදෙන නිලධාරි විසින් නැව් මුළුව ඇමතීමට කටයුතු කරන ලදි.

තවද, අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්වි‍මෙන් අනතුරුව නෞකාවේ සංවත්සර වැඩසටහන් මාලාවන් නිමාවට පත්විය.