අනුරාධපුර පුජා නගරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාවට නාවික හමුදාව සුදානමින්

අනුරාධපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් මෙවර පැවැත්වෙන පොසොන් උත්සවයට සමගාමිව පොසොන් කලාප නැරඹිමට හා සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සදහා නාවික හමුදා සහන කණ්ඩායම් රැසක් සුදානම් කර ඇත.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති බසවක්කුලම වැව, මහකනදරාව වැව, නාච්චාදුව වැව, විලච්චිය වැව, රාජාංගණය වැව, නුවර වැව, කලා වැව, තිසා වැව, බළළු වැව සහ ජය ගඟ ආවරණය වන පරිදි උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ජිවිත ආරක්ෂක කණ්ඩායම් 12 ක් ඇතුළුව ජිවිතාරක්‍ෂක යාත්‍රා යොදවා පැමිණෙන සියළු බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමට කටයුතු කර ඇත.

තවද, හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනිම සඳහා නාවික ගිලන් රථයක් සමඟ වෛද්‍ය සහයක නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් සහ නාවික කිමිදුම් කණ්ඩායමක් අනුරාධපුර නගරයේ ස්ථානගත කර ඇති අතර, එම කණ්ඩායම් සමඟ සම්බන්ධිකරණය විම සඳහා මෙහෙයුම් මැදිරි දෙකක් ද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා යුධ හමුදා 21 වන සේනාංකය තුල පිහිටුවා ඇත.