නාවික හමුදාව සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් යාපනයේදී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ වැඩසටහනක් පසුගිය දිනවලදි යාපනය ප්‍රදේශයේදී පැවැත්විණි. මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වූයේ යාපනය ප්‍රදේශයේ ජනතාව මත්ද්‍රව්‍ය සඳහා නැඹුරුවිම වලක්වා ගැනීමයි.

වර්තමානය වන විට යාපනය ප්‍රදේශයේ ජිවත්වන ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය සඳහා නැඹුරුවි ඇති පසුබිමක් තුල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට උතුරු නාවික විධානය දැඩි අවධානයක් යොමු කර තිබු අතර, ඒ සඳහා උතුරු නාවික විධානය භාර ආඥාපති ගේ මඟපෙන්විම මත මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහනේදී මත්ද්‍රව්‍ය වර්ග, ඒවායින් ශාරිරයට සිදුවන බලපෑම, තම පවුලට සහ සමාජයට සිදු වන බලපෑම සහ මත්ද්‍රව්‍ය සඳහා අබ්බැහිවිමට බලපාන සාධක වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලදි. තවද, මත්ද්‍රව්‍ය නිවාරණ පිළිබඳ ජාතික වැඩසටහනට සමගාමිව නාවික හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි නාවික හමුදාව මෙවැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.