රූමස්සල ප්‍රදේශයේ ජංගල් බිච්හිදි මුහුදට වැටුණු යුවලකගේ මෘත දේහයන් සොයා නාවික හමුදා කිමිදුම් මෙහෙයුමක්

ගාල්ල, රූමස්සල ප්‍රදේශයේ ජංගල් බිච්හිදි මුහුදට වැටුණු යුවලකගේ මෘත දේහයන් සොයා අද (ජුනි 16) නාවික හමුදා කිමිදුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි.

ගාල්ල, රූමස්සල ප්‍රදේශයේ ජංගල් බිච්හිදි මුහුදට වැටී යුවලක් අතුරුදන් වී ඇති බව හබරාදුව, පොලිසිය විසින් නාවික හමුදාවට කල දැනුම් දීමකට අනුව ක්‍ෂණිකව ක්‍රියාත්මක වු නාවික හමුදාව දකුණු නාවික විධානය‍ට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කරන ලද අතර, ඒ අනුව කාන්තාවගේ මෘත දේහය සොයා ගැනීමට සමත් වන ලදී.

එම කන්තාව වයස අවුරුදු 30 ක් පමණ බව හඳුනාගෙන ඇති අතර, මෘත දේහය පිළිබඳ වැඩිදුර විමර්ෂන කටයුතු සඳහා හබරාදුව, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී. තවද, පිරිමි පුද්ගලයා සොයා ‍තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.