දියේ ගීලි මිය ගිය දැරියෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

කන්දෙකැටිය, ලොග්ගල්ලාඔය ජලාශයේ දියේ ගිලී අතුරුදහන්ව සිටි දැරියෙකු සොයා කිමිදුම් මෙහෙයුමක් අද (ජුනි 16) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව අද උදෑසන එම දැරියගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

කන්දෙකැටිය, ලොග්ගල්ලාඔය ජලාශයේ දැරියෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව කන්දෙකැටිය, පොලිසිය විසින් නාවික හමුදා මුලස්ථානය වෙත සිදු කළ දැනුම් දීමකට අනුව, ක්‍ෂණිකව ක්‍රියාත්මක වු නාවික හමුදාව ගිණිකොන නාවික විධානය‍ට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කරන ලද අතර, මහත් පරිශ්‍රමයක් දරා දිය යට සැඟව තිබූ එම දැරියගේ මෘත දේහය සොයා ගන්නා ලදී.

තවද, ඇය බදුල්ල, මැදපතන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක් වන දැරියෙකු බව හඳුනාගෙන ඇති අතර, මෘත දේහය පිළිබඳ වැඩිදුර විමර්ෂන කටයුතු සඳහා කන්දෙකැටිය, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.