යාපනය, කොයියත්තොඩ්ඩම් ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 15 වන දින යාපනය, කොයියත්තොඩ්ඩම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයාගැනීමට සමත් වී ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් යාපනය, කොයියත්තොඩ්ඩම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් මෙලෙස සොයාගෙන ඇත. එහිදී, පුපුරණ ද්‍රව්‍ය ඇතුලත් චාර්ජස් 09 ක් සහ ආරක‍්‍ෂිත වෙඩි නූල් සහිත විදුලි නොවන ඩෙටනේටර් 05 ක් සොයා ගෙන ඇත.