හෙරොයින් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම, පොලිස් කොට්ඨාශ දුෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් එක්ව මන්නාරම, උප්පුකුලම ප්‍ර‍දේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, පොලිස් කොට්ඨාශ දුෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් එක්ව 2019 ජූනි 02 මධ්‍ය රාත්‍රියේ මන්නාරම, උප්පුකුලම ප්‍ර‍දේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2.9 ක් සොයා‍ගෙන ඇත. එම පුද්ගලයින් සහ හෙරොයින් ප්‍රමාණය සම්බන්ධව ඉදිරි කටයුතු මන්නාරම, පොලිස් කොට්ඨාශ දුෂණ විමර්ශන ඒකකය මඟින් සිදුකෙරේ.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 42, 30 සහ 22 වන වියෙහි පසුවන පල්ලිමුනේ, උප්පුකුලම් සහ මන්නාරම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත.