නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ වැඩ භාර ගනී.

රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ අද (ජූනි 03) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ විසින් නාවික තඨාකාංගණයේ පිහිටි නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ වෙත භාර දීම සිදු කෙරිණි. නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රාජකාරි කටයුතු කරන ලදි.

වැඩ භාර ගත් නව ආඥාපති වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් නැගෙනහිර නාවික විධානය වෙත පිළිගත් අතර, එම විධානය භාරව රාජකාරි කළ රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩභාර ගැනීමට නියමිතව ඇත. ඒ අනුව හිටපු ආඥාපති වෙත නැගෙනහිර නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලදී.