හෙ‍රොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූනි 02) කල්පිටිය, මණ්ඩලකුඩා ප්‍ර‍දේශයේදී හෙරෝයින් ග්‍රෑම් 35 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් කල්පිටිය, මණ්ඩලකුඩා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 35 ක්, කුඩා විදුලි තරාදියක්, වැන් රථයක් සහ ජංගම දුරකථන 03 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 45 සහ 39 වන වියෙහි පසුවන තලෙයි මන්නාරම සහ මන්ඩලකුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, හෙරෝයින් ප්‍රමාණය, තරාදිය, වැන්රථ‍ය සහ ජංගම දුරකථන ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.