ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් දොළොස් දෙනෙකු විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් පිදුම් ලබයි

සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් දොළොස් දෙනෙකු අද (මැයි 22) විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් පිදුම් ලබන ලදි.

ඒ අනුව වසර 25 කට වැඩි නොකැළැල් අඛණ්ඩ සේවා කාලයක් සහිත ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා පිරිනමනු ලබන විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම ප්‍රදානය කිරීමේ උත්සවය, සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (මැයි 22) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදි ත්‍රිවිධ හමුදාවේ සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික නිලධාරීන් 65 දෙනෙකු මෙහි දී ජනාධිපතිතුමා අතින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම්වලින් පිදුම් ලැබූ අතර, එයට යුද හමුදා නිලධාරීන් 40 දෙනෙක්, නාවික හමුදා නිලධාරීන් 12 දෙනෙක් සහ ගුවන් හමුදා නිලධාරීන් 13 දෙනෙක් ඇතුලත් වන ලදි.

ඒ අනුව නාවික හමුදාවේ සේවයේ නියුතු රියර් අද්මිරාල් එන්.පී.එස් ආටිගල, රියර් අද්මිරාල් ජී.එස්.ආර් ජයවර්ධන, රියර් අද්මිරාල් එස්.එම්.ඩී.කේ සමරවීර, රියර් අද්මිරාල් පී.එම් වික්‍රමසිංහ, රියර් අද්මිරාල් එස්.ඒ වීරසිංහ, රියර් අද්මිරාල් එච්.ඒ.යූ.ඩී හෙට්ටිආරච්චි, රියර් අද්මිරාල් එම්.එම්.එච් ගමගේ යන ජ්‍යේෂ්ඨ නිලධාරින් සහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගිය රියර් අද්මිරාල් (විශ්‍රාමික) එච්.ඩී.ආර්.එන් ප්‍රේමසිරි, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ඊ.ඩබ් ජයසිංහ, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ඒ.ඒ.පී ලියනගේ, රියර් අද්මිරාල් (විශ්‍රාමික) පී.ආර්.බී දිසානායක, රියර් අද්මිරාල් (විශ්‍රාමික) යූ.ඒ.බී ඒකනායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලත් විය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් කපිල ජයම්පති ඇතුඑ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.