දකුණු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් කස්සප ගෝඨාභය පෝල් වැඩ භාර ගනී.

රියර් අද්මිරාල් කස්සප ගෝඨාභය පෝල්, යූඑස්පී, එන්එස්ඩබ්සී, එම්ඒඅයිආර්, බීඒ (ඩීඑස්) ගෞරව, අද (මැයි 21) දකුණු නාවික විධාන මූලස්ථානයේදී දකුණු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව දකුණු නාවික විධානය භාර ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් කපිල සමරවීර විසින් ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ පිහිටි දකුණු නාවික විධාන මූලස්ථානයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් කස්සප පෝල් වෙත භාර දීම සිදු කෙරිණි. දකුණු නාවික විධානය භාර ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් කස්සප පෝල් නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් රාජකාරි කටයුතු කරන ලදි.

වැඩ භාර ගත් නව ආඥාපති වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් දකුණු නාවික විධානය වෙත පිළිගත් අතර, එම විධානය භාරව රාජකාරි කළ රියර් අද්මිරාල් කපිල සමරවීර උතුරු නාවික විධාන භාර ආඥාපති වශයෙන් වැඩභාර ගැනීමට නියමිතව ඇත. ඒ අනුව හිටපු ආඥාපති වෙත දකුණු නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලදී.