මූතුර් ගෙංගෙයි පාලම යට සිදු කළ නාවික හමුදා කිමිදුම් මෙහෙයුමකදි අවි ආයුධ කිහිපයක් හමුවෙයි

නාවික හමුදා කිමිදුම් අංශය විසින් මූතූර් ප්‍රදේශයේ ගෙංගෙයි පාලම යට 2019 මැයි 20 වන දින සිදු කළ කිමිදුම් මෙහෙයුමක් මඟින් අවි ආයුධ කිහිපයක් සොයා ගන්නා ලදි.

2019 මැයි මස 18 සහ 19 යන දෙදින තුල ගෙංගෙයි පාලම යට ධීවර දැල් වල පැටලී බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ අත් බෝම්බයක් හමුවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර සෝදිසි කිරීම සඳහා නාවික හමුදාව ගෙංගෙයි පාලම යට කිමිදුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් 2019 මැයි 19 සහ 20 යන දෙදින තුල ක්‍රියාත්මක කල කිමිදුම් මෙහෙයුම මඟින් බෝර තුවක්කු 03 ක්, බෝර තුවක්කු බැරල් 02 ක්, ටී 56 ගිනි අවියක් සමඟ මැගසින් 05 ක්, අත් බෝම්බ 05 ක් සහ මිමි 7.62 x 39 පතොරම් 203 ක් සොයා ගැනීමට සමත්ව ඇත. එම අවි ආයුධ සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මූතූර්, පොලිසිය වෙත භාර දිමට කටයුතු කරන ලදි.

රටේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් ඇති කරනු ලබන පුද්ගලයින් අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි තවදුරටත් සිදු කරමින් සිටි.