නාවික හමුදාව උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නාවික පුද්ගලයින් විසින් අද (මැයි 07) උදෑසන උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි මෙලෙස තහනම් ධීවර දැල් සොයා ගෙන ඇති අතර, එහිදී අඩි 40 දිගැති තහනම් දැල් 14 ක් සොයා ගෙන ඇත.

සොයා ගන්නා ලද තහනම් ධීවර දැල් ඉදිරි කටයුතු සඳහා වෙරුගල්, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.