හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව පසුගිය මැයි 05 වන දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 575 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ යාපනය, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරීන් එක්ව යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මෙම හෙරොයින් ලඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින් යාපනය, ගරුනගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 සහ 47 වන වියෙහි පසුවන පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ හෙරොයින් ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් යාපනය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි