එරක්කන්ඩි ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් විසින් පසුගිය මැයි 04 එරක්කන්ඩි ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් වී ඇත.

ඒ අනුව, සිදු කළ විශේෂ මෙහෙයුමකදී එරක්කන්ඩි ප්‍රදේශයේ මාළු වාඩියක සඟවා තිබූ පුපුරණ දුව්‍ය තොගයක් සොයාගෙන ඇත. එහිදී, වෝටර් ජෙල් කූරු 14 ක්, විදුලි නොවන ඩෙටනේටර් 26 ක් සහ අඩි 5’ 8” දිගැති ආරක‍්‍ෂිත වෙඩි නූලක් ද සොයා ගෙන ඇති අතර, එම පුපුරණ ද්‍රව්‍ය තොගය කුච්චවේලි පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, පසුගිය අප්‍රේල් 29 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයේ දී පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදක වරුන් හා බෙදාහරින්නන් සමඟ පැවති හමුවේ දී මෙම පුපුරණ ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස භාවිතා කිරිම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති තුමා විස්න් අවවාදාත්මකව අවධාරණය කරන ලදි.