ඩිංගි යාත්‍රාවක් මඟින් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කල පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 05) උච්චමුනෙයි මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කල පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයේ වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් උච්චමුනෙයි මුහුදු ප්‍රදේශයේ දී සිදු කළ මුර සංචාරයකදි ඩිංගි යාත්‍රාවක් මඟින් බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. එහිදි, ඔවුන් සතුව තිබී විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 33 ක්, බීර ටින් 02 ක් සහ නීතිවිරෝධී දේශිය මත්පැන් ලීටර් 5 ක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 47 සහ 25 වයසැති පුද්ගලයින් වන කල්පිටිය සහ මීගමුව ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව සහ නීතිවිරෝධී මත්පැන් බෝතල් ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය, පොලිසිය වෙත භාරදිමට කටයුතු කරන ලදී.